ඔබ සිටින්නේ : DRIC අප ගැන

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

පර්යේෂණ සහ ජාත්‍යන්තර සහයෝගිතා අංශය (DRIC)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC), එහි පෙර පැවති ජාත්‍යන්තර සහයෝගීතා අංශය (ICD) ප්‍රතිව්‍යුහගත කර පුළුල් කිරීම මගින් පර්යේෂණ සහ ජාත්‍යන්තර සහයෝගීතාවය යන දෙකම ආවරණය කිරීමට, පර්යේෂණ සහ ජාත්‍යන්තර සහයෝගිතා අංශය (DRIC) පිහිටුවා ඇත. ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, ශ්‍රේණිගත කිරීම සහ ජාත්‍යන්තරකරණය ප්‍රවර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව මෙම තීරණය ගෙන ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය K.L. වසන්ත කුමාර , මෙම අංශයේ ප්‍රධානියා වන අතර, විශ්වවිද්‍යාලවල අධ්‍යයන ව්‍යුහය, පර්යේෂණ සංස්කෘතිය සහ බුද්ධිමය වාතාවරණය ඉහළ නැංවීමේ අරමුණින් එම අංශය විසින් පහත පියවර ගෙන ඇත.

*  විදේශීය අධ්‍යාපන අත්දැකීම් හා දැනුම ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන සහිතව පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා අරමුදල් වැඩි කිරීම

 

ශක්තිමත් පර්යේෂණ සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා තවත් මුල පිරීම් සකස් වෙමින් පවතී. වැඩි විස්තර උප සභාපතිවරයාගේ කාර්යාලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්ලිව්.ඒ.ඩී.සී ගුණවර්ධන මියගෙන් ලබාගත හැකිය (දුරකථන: 0112 123623 / විද්‍යුත් තැපෑල: : dric@ugc.ac.lk / chathurika@ugc.ac.lk )

 

විශේෂ සබැඳුම්


සුදුසුකම් පිළිගැනීම