ඔබ සිටින්නේ : අප ගැන කොමිෂන් සභා සාමාජිකයන්

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතා





Mr. Palitha Kumarasinghe, President’s Counsel

පී. කුමාරසිංහ මහතා සිවිල් වානිජ්‍ය නඩු සම්බන්ධයෙන් ප්‍රමුඛ ජනාධිපති නීතිඥවරයෙකි. කුමාරසිංහ මහතා 2006 දී ජනාධිපති නීතීඥවරයෙකු බවට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ නීති කාර්යාලයෙන් හසල අත්දැකීම් ලැබූ ඔහු මේ වන විට වාණිජ මහාධිකරණයේ, බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණයේ, උපරිමාධිකරණවල සහ කොළඹ දිසා අධිකරණයේ ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටි. ඔහුට පුළුල් වාණිජ නීති පළපුරුද්දක් ඇති අතර බැංකු සහ මූල්‍ය ආයතන විශාල සංඛ්‍යාවක උපදේශකවරයා ලෙස කටයුතු කරමින් සිටියි.

ඔහු නීතීඥ සංගමයේ උප සභාපති සහ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර ජාතික නීති සම්මේලනය, ආචාර ධර්ම සහ වෘත්තීය හැසිරීම් සහ අඛණ්ඩ නීති අධ්‍යාපනය ඇතුළු විවිධ කමිටුවල සභාපති ධූරය හෙබවීය. ඔහු කලක් කොළඹ නීති සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහු වසර හයක කාලයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවය කළ අතර නීති අධ්‍යාපන කවුන්සිලයේ සහ එහි අධ්‍යයන මණ්ඩලයේ සාමාජිකයෙකු (2010-2015) ලෙසද, පරිසර කවුන්සිලයේ සභාපති (2010-2013) සහ බුද්ධිමය දේපල පිළිබඳ උපදේශක කොමිෂන් සභාවේ සාමාජිකයෙකු (2001-2004) ලෙසද කටයුතු කර ඇත.

ඔහු 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුවේ සභාපති ලෙසද, 2012-2015 දක්වා නීති උපදේශක කමිටුවේ සභාපති ලෙසද 2012 වසරේ පාලන කමිටුවේ සභාපති ලෙසද කටයුතු කළේය.

ඔහු 2012 සිට 2017 අවසානය දක්වා ලාෆ් ගෑස් පීඑල්සී හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කලේය. ඔහු දැනට නවලෝක හොස්පිටල් පීඑල්සී හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද, කළුතර බෝධි භාර අරමුදලේ භාරකරුවෙකු ලෙසද, ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සාමාජිකයෙකු සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටි.

 

නවතම තොරතුරු

පුවත් සහ සිදුවීම්

විශේෂ නිවේදන

ප්‍රදාන සහ ශිෂ්‍යත්ව
සිදුවීම්

1 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවේ ශත සංවත්සර සැමරුම - ලාංඡනය සහ වෙබ් අඩවිය එළි දැක්වීම
1 2020 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2020/21 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව
1 2019 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2019/20 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ වීඩියෝව.
1 ශ්‍රී ලාංකේය ඖෂධ පැළෑටි සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය
1 ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සංචාරය
 2 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වැඩ භාර ගැනීම
 2 INQAAHE/APQN සම්මන්ත්‍රණ 2019, ශ්‍රී ලංකාව
 2 Presentation made by Chairman, UGC at the General Assembly of the INQAAHE biennial conference in Bahrain
 2 නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

පුවත්