ඔබ සිටින්නේ : අප ගැන ස්ථාවර කමිටු

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

අරමුණු හා ව්‍යුහය


 

  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල උපාධි හා පශ්චාත් උපාධි මට්ටම්වලින් ලලිත කලා විෂය ඉගෙනීම, ඉගැන්වීම, පර්යේෂණ සහ කාර්ය මණ්ඩලය පිළිබඳ ගැටලු ඵලදායී ලෙස විසඳා ගත හැකි උපදේශන සංසදයක් ලෙස කටයුතු කිරීම.
  • ප්‍රතිපත්ති, භාවිතයන් සහ ක්‍රියා පටිපාටි සැකසීමට සහ ඒවා විශ්වවිද්‍යාල අතර බෙදා හැරීමට සහය වීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වරින් වර නිකුත් කරන ප්‍රතිපත්ති උපදෙස් මත ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සහ ආයතනය/පීඨ/අධ්‍යයනාංශ සහ ඒකක මට්ටමින් නියමිත කටයුතු ආරම්භ කිරීම්, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
  • ලලිත කලා ඉගැන්වීමේ ආයතන/පීඨ/අධ්‍යයනාංශ සහ ඒකක විසින් විෂයමාලා ප්‍රතිසංස්කරණ සහ නව අධ්‍යයන වැඩසටහන් සඳහා වන විෂයමාලා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමට ලක් කිරීම සහ කොමිසම වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • ලලිත කලා අධ්‍යයන වැඩසටහන්වල විෂයමාලාව සඳහා කළ යුතු කාලීන වෙනස්කම්, ඇගයීම් සහ සංශෝධනයන් යෝජනා කිරීම.
  • පර්යේෂණ සහ ප්‍රකාශනය සඳහා අවස්ථාවන් නිර්මාණය කිරීම සහ බෙදා හැරීම දිරිමත් කිරීම.
  • කලාපීය/ජාතික වැදගත්කමකින් යුත් පර්යේෂණ, නවෝත්පාදන සහ ව්‍යාප්ත වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම.
  • ප්‍රසාංගික සහ ලලිත කලාවට සම්බන්ධ උසස් අධ්‍යාපන ආයතන, ජාතික සහ ප්‍රාදේශීය ආයතන අතර ජාලකරණය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම.
  • නව අධ්‍යයනාංශ /ඒකක පිහිටුවීම සඳහා විශ්වවිද්‍යාල/පීඨ/ආයතන විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමට ලක් කර කොමිසම වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • ප්‍රාසාංගික හා ලලිත කලා පිළිබඳ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා දෙකෙහිම ඉගැන්වීමේ/ඉගෙනීමේ/පර්යේෂණවල ගුණාත්මක භාවය සහ අදාළත්වය වැඩිදියුණු කිරීම සඳහා නව මුල පිරීම් සහ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා උත්ප්‍රේරක ඒකකයක් ලෙස ක්‍රියා කිරීම සහ ඒවා සලකා බැලීම සඳහා කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
  • නව ප්‍රථම උපාධි වැඩසටහන් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ, එනම්, අ) අවශ්‍යතා සහ ඉල්ලුම තක්සේරු කිරීමේ ක්‍රම සහ විධි, ආ) උපාධි වැඩසටහනට විශේෂිත වූ සුදුසුකම් විස්තර, ඇ) උපාධියේ ස්වභාවය, ඈ) අධ්‍යයන වැඩසටහනේ ව්‍යුහය, ඉ) ලලිත කලා උපාධි වැඩසටහන් සඳහා අධ්‍යයන සම්භාර සහ සුදුසුකම් රාමුව, ඊ) උපාධි වැඩසටහනේ අපේක්ෂිත ඉගෙනුම් ප්‍රතිඵල, උ) පාඨමාලා සහ මොඩියුලවල අපේක්ෂිත ඉගෙනුම් ප්‍රතිඵල සහ ඌ) ඇගයීම් ක්‍රියා පටිපාටි සකස් කිරීම.

සාමාජිකයන්ගේ තොරතුරු

සාමාජිකත්වය නම තනතුර ආයතනය
සභාපති කොමිෂන් සභාවේ සාමාජික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
ලේකම් මොහොමඩ් සීරාජු මයා නියෝජ්‍ය ලේකම් - අධ්‍යයන කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
සාමාජිකයන්
  කේ.එස්. ප්‍රනාන්දු මයා Dපීඨාධිපති/සංගීත පීඨය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
  ආචාර්ය සමන් කුමාරතුංග පීඨාධිපති /දෘශ්‍ය කලා පීඨය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
  ජගත් රවීන්ද්‍ර මයා පීඨාධිපති /දෘශ්‍ය කලා පීඨය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
  එස්.සිවරූබන් මයා පීඨාධිපති/ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් රංග හා දෘශ්‍ය කලා පීඨය යාපනය විශ්වවිද්‍යාලය
  මහාචාර්ය ඩබ්ලිව්. එම්. පී. සුදර්ශන බණ්ඩාර ප්‍රධානී / ලලිත කලා අංශය / කලා පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  පී. අලිහාන් මයා ප්‍රධානී / ලලිත කලා අංශය / කලා පීඨය යාපනය විශ්වවිද්‍යාලය
  ලංකා ද සිල්වා මිය ප්‍රධානී / ලලිත කලා අංශය / මානව ශාස්ත්‍ර පීඨය කැලණිය විශ්වවිද්‍යාලය
  ටී.සතියජිත් මිය ප්‍රධානී / ලලිත කලා අධ්‍යයනාංශය/ කලා හා සංස්කෘතික පීඨය නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
  ආචාර්ය අමාලි නිසංසලා පෙරේරා ප්‍රධානී / රංග කලා අංශය ශ්‍රී පාලී මණ්ඩපය
  ප්‍රියන්ත තිලකසිරි මයා ප්‍රධානී /සංගීතය සහ නිර්මාණාත්මක තාක්ෂණ අධ්‍යයනාංශය /මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  ආචාර්ය භාරතී කෙනඩි අධ්‍යක්ෂ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය
  ආචාර්ය පී. ඉලංගෝ තත්ත්ව ආරක්ෂණ කවුන්සිලයේ නියෝජිත/අධ්‍යක්ෂක/IQAC නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
  මහාචාර්ය සමන්ත හේරත් මාධ්‍ය ඒකකය UGC නාමික (CMB)
  ආචාර්ය එන්. රවිබන්ධු විද්‍යාපති සාම්ප්‍රදායික නර්තන ශිල්පී, නර්තන නිර්මාණවේදී , බෙර වාදක සහ නිර්මාපක UGC නාමික
  ආචාර්ය සුභාෂිනී පද්මනාදන් බාහිර කථිකාචාර්ය UGC නාමික
  මහාචාර්ය කෝලිත භානු දිසානායක සංගීත රචක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය