ඔබ සිටින්නේ : විශ්වවිද්‍යාල ප්‍රවේශ

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

විශ්වවිද්‍යාල ප්‍රවේශ

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රියාත්මක වන්නේ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත මඟින් දක්වා ඇති රාමුව තුළ ය. විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම ඉහත පනත යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) පවරා ඇත. ඒ අනුව, දැනට විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති ජාතික විශ්වවිද්‍යාල 14ක සහ ආයතන 4ක උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබයි.

දේශීය සුදුසුකම් සහිත සිසුන් ඇතුළත් කර ගැනීමට අමතරව, වාර්ෂිකව ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට විදේශීය සුදුසුකම් සහිත සීමිත සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කර ගැනීම සඳහා විශේෂ ප්‍රතිපාදන සලසා ඇත.

මෙම පිටුව විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්තිය, අධ්‍යයන පාඨමාලා සහ එක් එක් අධ්‍යයන පාඨමාලා යටතේ විශ්වවිද්‍යාලවල පවතින ස්ථාන ගණන, විවිධ අධ්‍යයන පාඨමාලා යටතේ එක් එක් විශ්වවිද්‍යාලය තුළ පවතින විෂය සංයෝජනය සහ එක් එක් පරිපාලන දිස්ත්‍රික්කයට අදාළව විවිධ පාඨමාලා සඳහා ඇතුළත් වීමට අවශ්‍ය අවම ලකුණු පිළිබඳ තොරතුරු සපයයි.


ප්‍රවේශ අංශය හා සම්බන්ධ වීමට

admission@ugc.ac.lk විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන්න