USAB අයදුම්පත පිරවීමේදී ඔබ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු | ||||
86. | අභියාචනා මණ්ඩලයට පහත සඳහන් බලතල, කාර්ය සහ කර්තව්‍ය ඇති අතර ඒ මණ්ඩලය විසින් ඒවා ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කළ හැකිය: | අභියාචනා මණ්ඩලයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය | ||
(a) | කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයට හා උසස් අධ්‍යාපන ආයතනවලට පත් කිරීම් හෝ උසස් කිරීම් කරනු ලැබූ හෝ කරනු ලදැයි කියනු ලබන අවස්ථාවේ බලපැවැත්වූ බඳවා ගැනීමේ පරිපාටිවලට සහ පත් කිරීමේ ක්‍රමවලට පටහැනිව කරනු ලැබුවේ යැයි කියනු ලබන පත්කිරීම් හා උසස් කිරීම් පිළිබඳව සහ තනතරුවල පුරප්පාඩු ඇතිවූ අවස්ථාවල, ඒ තනතුරුවලට පත් කිරීම හෝ උසස් කිරීම් කරනු නොලැබූ බවට වූ චෝදනා පිළිබඳව විමර්ශන පැවැත්වීම. | [1995 අංක 86(අ) වගන්තිය] | ||
(b) | සේවයෙන් පහ කරනු ලැබූ අනිවාර්යයෙන් විශ්‍රාම ගන්වනු ලැබූ හෝ විෂමාචාරය, අකාර්යක්ෂමතාවය හෝ රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් අන්‍යාකාරයකින් දඬුවම් කරනු ලැබූ කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක සේවකයන් විසින්, සේවයෙන් පහ කිරීමට, අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්වීමට හෝ ඒ අන්‍යාකාර දඬුවමකට විරුද්ධව ඉදිරිපත් කරනු ලබන අභියාචනා සලකා බැලීම. | [1985 අංක 7 ,86(ආ) වගන්තිය] | ||
(c) | පරණ විශ්වවිද්‍යාලයේ සේවකයන්ට මේ පනතේ 142 වන වගන්තිය යටතේ ගෙවිය යුතු වන්දි සම්බන්ධයෙන් පරණ විශ්වවිද්‍යාලයේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක හෝ සේවකයන්ව සිටි කොමිෂන් සභාවේ සේවකයන්ගෙන් ලැබෙන අභියාචන සලකා බැලීම. | |||
(d) | ඒ අභියාචන සලකා බැලීමෙන් පසු හෝ ඒ විමර්ශන පැවැත්වීමෙන් පසු එළඹ ඇති තීරණ, අවස්ථාවෝචිත පරිදි, කොමිෂන් සභාවේ සභාපතිවරයාට හෝ අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධරයාට දැන්වීම. | [1985 අංක 7, 86(ඈ) වගන්තිය] | ||
87. | අභියාචන මණ්ඩලය විසින් 86 වගන්තිය යටතේ තම බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී හා ඉටු කිරීමේදී ගනු ලබන තීරණයන් අවසානාත්මක වන අතර ඒ තීරණය හේතුවෙන් ප්‍රතිකර්ම යෙදීමට සිදුව ඇති අවස්ථාවක අවස්ථාවෝචිත පරිදි කොමිෂන් සභාව විසින් හෝ අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ පාලක බල මණ්ඩලය විසින් ඒ තීරණය ක්‍රියාත්මක කළ යුතුය. |
අභියාචන මණ්ඩලයේ තීරණයක් අවසානාත්මක බව. [1985 අංක 7, 87 වගන්තිය] |
||
88. | (1) | අභියාචන මණ්ඩලයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හා ඉටු කිරීමට අවශ්‍ය යැයි අභියාචනා මණ්ඩලය විසින් සලකනු ලබන සියලු කාරනා සම්බන්ධයෙන් අභියාචනා මණ්ඩලය විසින් නියමාවලි සාදනු ලැබිය හැකිය. |
නියමාවලි සෑදීමට අභියාචනා මණ්ඩලයට ඇති බලය. [1985 අංක 7, 88 වගන්තිය 88(1) වගන්තිය ලෙස නැවත අංක කර ඇත] |
|
(2) | මේ පනත යටතේ අභියාචන මණ්ඩලය විසින් සාදන ලද සෑම නියමාවලියක්ම ගැසට් පත්‍රයේ පලකරනු ලැබිය යුතු අතර, එය එහි සඳහන් දින සිට ක්‍රියාත්මක වන්නේය. | [1985 අංක 7, 88(2) ලෙස නව උපවගන්තියක් ඇතුළත් කර ඇත] | ||
1995 ජනවාරි 23 දක්වා වන සංශෝධන ඇතුළත්, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතෙන් උපුටා ගන්නා ලදී. |