ඔබ සිටින්නේ : අප ගැන ලේකම්

University Grants Commission - Sri Lanka

  • English
  • Sinhala
  • Tamil-Sri Lanka

ලේකම්

 

dr_premakumara

ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර

ලේකම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර විද්‍යාවේදී උපාධියක්, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත.

ආචාර්ය ප්‍රේමකුමාර 1999 අප්‍රේල් මාසයේදී සහකාර ලේකම්වරයෙකු ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට (UGC) බැඳුනු අතර 2005 ජනවාරි මාසයේදී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරට උසස් කරන ලදී. ඉන්පසු ඔහු 2010 ඔක්තෝම්බර් මාසයේදී අධ්‍යයන කටයුතු සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ අංශයේ අතිරේක ලේකම් තනතුරට උසස් කරන ලදී. වසර 12කට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශ අංශය භාරව කටයුතු කළ ඔහු, එම අංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යක්‍ෂම හා ඵලදායි අංශයක් ලෙස දියුණු කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය. ආචාර්ය ප්‍රේමකුමාර මානව සම්පත් අංශයේ අතිරේක ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවේ 2011 සැප්තැම්බර් මාසයේදීය.

ආචාර්ය ප්‍රේමකුමාර වයස අවුරුදු 47 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ධූරයට 2014 වසරේ පත් කරන ලදී. මෙම ගෞරවනීය තනතුර දැරූ සය වැන්නා (6 වැනි) ඔහුය.

මෙතුමා හට වුහාන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි වැඩසටහන සඳහා චීන ශිෂ්‍යත්ව කවුන්සිලයෙන් ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී. පර්යේෂණයේ නිපුණතා සහ පරිපාලන සංකල්ප ග්‍රහණය කර ගැනීමේ හැකියාව සමඟ විෂය-විශේෂිත දැනුම හඳුනා ගැනීමට මෙය ඔහුට උපකාරී විය. ඔහු මානව සම්පත් කළමනාකරණය, පිරිස් කළමනාකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය, අලෙවිකරණ උපායමාර්ග සහ ආයතනික කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රාඥයෙකු වන අතර ඒ පිළිබඳව ප්‍රකාශන ද එළිදක්වා ඇත. ඔහු 2005 වර්ෂයේ දී, එක්සත් රාජධානියේ ''Universities and Colleges of Admissions Service'' (UCAS), අයර්ලන්තයේ ''Central Admissions Office'' (CAO), ස්විට්සර්ලන්තයේ සූරිච් විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලය වෙත ගොස් එම විශ්වවිද්‍යාල/ආයතනයන්හි ප්‍රවේශ ප්‍රතිපත්ති හා ක්‍රමවේද අධ්‍යයනය කරන ලදි. තවද, 2007 වර්ෂයේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවති උසස් අධ්‍යාපනය පිළිබඳ උපාධි සහ ඩිප්ලෝමා පිළිගැනීම පිළිබඳ යුනෙස්කෝවේ (UNESCO) නවවැනි කලාපීය කමිටු රැස්වීම සඳහා ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඊට අමතරව, ඔහු එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, බහරේනය, මොරිෂස්, නෙදර්ලන්තය සහ කැනඩාව යන රටවල පැවති සම්මන්ත්‍රණවලදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය කළේය.

වර්තමානයේ, ආචාර්ය ප්‍රේමකුමාර ජාතික කළමනාකරණ විද්‍යායතනයේ (NSBM) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත්, මොරටුව විශ්වවිද්‍යාලයේ (ITUM) තාක්ෂණ ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි. ඊට අමතරව, ඔහු ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යයන කටයුතු මණ්ඩලයේ, ජාතික කළමනාකරණ විද්‍යායතනයේ (NSBM) අධ්‍යයන පාලක සභාවේ සහ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ (NIBM) අධ්‍යයන පාලක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් තනතුරට අමතරව ආචාර්ය ප්‍රේමකුමාර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කමිටුවේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

 

නවතම තොරතුරු

පුවත් සහ සිදුවීම්

විශේෂ නිවේදන

ප්‍රදාන සහ ශිෂ්‍යත්ව
සිදුවීම්

1 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවේ ශත සංවත්සර සැමරුම - ලාංඡනය සහ වෙබ් අඩවිය එළි දැක්වීම
1 2020 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2020/21 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව
1 2019 උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව 2019/20 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ වීඩියෝව.
1 ශ්‍රී ලාංකේය ඖෂධ පැළෑටි සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය
1 ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සංචාරය
 2 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වැඩ භාර ගැනීම
 2 INQAAHE/APQN සම්මන්ත්‍රණ 2019, ශ්‍රී ලංකාව
 2 Presentation made by Chairman, UGC at the General Assembly of the INQAAHE biennial conference in Bahrain
 2 නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

පුවත්

විශේෂ සබැඳුම්


සුදුසුකම් පිළිගැනීම